Previous Page  
    Welcome to  Meemessa.com
   

 

 

 
කටක ලග්නය
 

 

            සාමාන්‍ය රූප ස්වභාව 

          
මධ්‍යම ප‍්‍රමාණ සිහින් ශරීරය වෙයි . දික්වූ අවයව වේ. ප‍්‍රිය මුහුණ වේ. සෞම්‍ය පෙනුම වේ. සිවුමැලි ශරීරය හෙවත් සියුම සම ඇති කෙනෙකි . ගොරෝසු දේවල් පරිහරණය කළ නොහැක

ගතිගුණ

කටකය උත්තරායනයෙහි උසස්ම තැන වේ . හිතට අධිපති චන්ද්‍රයා හිමි කටක ලග්නයේ උපන් අය උසස් සිතිවිලි ඇති තීක්ෂණ චින්තකයෝ වෙති. දුටු දේ කිරීමෙහි සමර්ථ වේ. තමාගේ යහපත් ගතිය නිසා අනුන්ගේ බස් විශ්වාස කර ඊට නැමේ. ක‍්‍රියා සූර වේ . උදාර අදහස් වේ. සෘජු අදහස් ඇත්තෙකු මෙන් පෙනේ. සඟවන රහස් ඉතා අඩුවේ. ධනවත් වේ. සමහරවිට මහා ධනවන්තයෝ වෙති. අඹුදරු ආදීන්ට ඇති තද ඇල්ම නිසා ගෙදරම වාසයට හිතැති වේ. නිර්භීතවාක් මෙන්ම භයගුලූ ද වේ. මිත‍්‍රයන් ඇතිකරගන්නාක් මෙන්ම නැතිවෙති. විපතට දුරදීම භයවන්නෙකි . හෙවත් කෙලින් වැඩි ප‍්‍රවේසම් වන්නකි. අනුන්ගේ විපතේදී අධිකව කම්පා වේ. කුඩා සතුන් කෙරෙහි ද පොඩි ළමයින් කෙරෙහි ද තමාට වඩා පහත් අය කෙරෙහි ද දුර්වල පක්ෂය හෙවත් ස්ත‍්‍රීන් කෙරෙහි ද හිතවත් වේ. සියලූ දුක් කරදර නඩුහබ නින්දා අපහාස මධ්‍යයේ වුවත් ප‍්‍රකට භාවයට පැමිණේ . ඉවසිලි ගතිය අඩුය. තරහ කල් නොපවතී. මහා ව්‍යාපාර ගැන සිතයි. කටයුතු ද එසේමය. විශාල ව්‍යාපාරවල මූලිකත්වය දැරීමට සුදුසු වේ. උස් පාත්වන ධනය හා තත්ත්වය ඇතිවේ.

චන්ද්‍රයා ලග්නයේ නම් බොහා කොටම එසේම වේ. ආගමික උත්සව වලට ප‍්‍රිය වේ. අවවාද දීමට අති දක්ෂයෝය . අන්‍යයන්ගේ ආරක්ෂාවට අවවාද දෙතත් තමා ඒවා ගැන එතරම් සලකා ආරක්ෂා නොවේ. අසදෘශ භාර්්‍යාවක් ලැබේ. ලෝකයේ මහා ශ්‍රේෂ්ඨ පුරුෂයෝ මේ ලග්නයේ ඉපදී සිටියහ. දැනුදු සිටිත්. ඉරුගේ උත්තරායන ගමනේ මුදුන බැවින් ලෝකෝත්තර අදහස් ෙවි. දුර්වලකම් හැටියට පෙනෙන්නේ අධික අනුකම්පාවත්, වහා කිපීමත් නොඉවසිලි කමත් උස් පාත්වන තත්ත්වයත්ය .





රෝග

ගලනාලයේ ආමාශයේ අසනීප, ග‍්‍රහණිය, අර්ශස් රෝගය, නිතර බඩ පිපුම, පිත්තාධික රෝග පහසුවෙන් සෑදේ . කටකයෙන් උපන් අයට පච්ච හෝ දියපච්ච ගල් පැළඳීම යහපති.  

 
   
   
                  
                  
                
Meemessa.com is largest & Fast growing
online archive of Sri Lankan music
All songs are in medium quality and
do NOT replace the CD quality of original albums
As stated above
one of our goals is to bring more sales revenue to
original album sellers and artist
None of the songs in Meemessa is downloadable
  Rupapettiya   Honey FM  
 
 
www.meemessa.com