සාමාන්‍ය රූප ස්වභාව
සිහින් දුර්වල ශරීරය වේ . හීන් මුහුණ හා මහත් දත් වෙයි. ශනි හෝ ගුරු ලග්නයේ නම් මහත් ශරීර වේ
ගතිගුණ
ශනි අධිපති පඨවි රාශියක් බැවින් මකර ලග්නයෙහි උපන් තැනැත්තේ බලය ලබාගැනීමේ ආශාව ඇත්තෙකි . සියුම් සිතිවිලි අඩු ක‍්‍රියාත්මක ගති වැඩි කෙනෙකි. තමාගේ වාසිය පිණිසම වැඩ කරන ආත්මාර්ථකාමී ගතිය බල පවත්වයි. ඒ වෙනුවෙන් දුර කල්පනා කරයි. ලාභය අතට ලැබෙන තුරු එය ලැබේය යයන විශ්වාසයෙන් තොර වේ . කම්කටොලූ විඳීමේ ඇති නොපසුබස්නා ගතිය නිසා ජයග‍්‍රහණය කරා ගමන් කරයි. මකර ලග්නයෙහි උපන් තැනැත්තේ කම්මැලි කමින් නිකරුනේ කාලය ගත නොකරයි. ලෞකික ආශාව ඉතා බලවත් වේ. අර්ථ ශාස්ත‍්‍රය පිළිබඳ නුවන හෙවත් අයවැය බලා කටයුතු කිරීම ප‍්‍රධාන අංකයෙහි වෙයි . මුදල් වලට ඇති ලෝභී කම නිසාත් බලය ලබා ගැනීමට ඇති ආශාව නිසාත් තරමක මසුරෙකුගේ ගතිගුණ පෙනෙන්නට තිබේ. අන්‍යයන්ගේ සුළු දේ මහත් කොට සිතයි. ඒවා ලොකුකර කතා කරයි.
ක‍්‍රමානුකූල පාලනයෙහි දක්ෂ වේ. විශාල ව්‍යාපාරවල මූලිකත්වය දැරිය හැකි පාලන ශක්තියක් තිබේ . විපතේදී පවා අන්‍යයන් ගෙන් උදව් ඉල්ලීමට මැලි ගතියක් තිබේ. සියලූම වැඩ නවතින අඳුරු මලානික කාල පසුකරන්නට සිදුවේ. දිනන්න දිනන්න ඉදිරියට යන්නාක් මෙන්ම පරදින විට නොපෙනී සිටීමට කැමති වෙයි. කථාවෙහි දක්ෂවාක් මෙන් ව්‍යක්ත නොවේ. මිත‍්‍රයෝ අඩුවෙති. කරන සෑම දෙයකින්ම යම්කිසි ලාභ ප‍්‍රයොජනයක් ගැනීමට සිතන නිසාම ධන රැුස්වේ . බර වැඩට හා පෙරමුණෙහි යන වැඩට යෝග්‍ය වේ. දේශපාලන කටයුතුවලට යෝග්‍යයි. කටක ලග්නයට ප‍්‍රතිවිරුද්ධ මකර ලග්නයේ උපන් අය පොළොවට ආශා කරයි. උසස් සිතුවිලි නැත. සියල්ලක්ම ලෞකික වූත් ක‍්‍රියාත්මක වූත් දේවල් විය යුතුයි . ඉරුගේ දක්ෂිනායනය ඉවර වන්නේ මෙහිදීය. දුර්වලකම් හැටියට පෙනෙන්නේ ඕනෑවට වඩා වෙහෙස වී වැඩ කිරීමත් ලෝභ කමත්ය
රෝග
සමෙහි රෝග හා වාදන් රෝග (දණහිස් කෙණ්ඩා වල රෝග) ලේ අඩුකමින් පිපිහලූවීම් , රක්තවාතය, හන්දි කැක්කුම, වාත රෝග, රක්ත රෝග ලෙහෙසියෙන් සෑදේ . මකරයෙන් උපන් අයට චන්ද්‍රකාන්ත ගල් පැළඳීම යහපති |