සාමාන්‍ය රූප ස්වභාව
මධ්‍යම ප‍්‍රමාණ ශරීරය වේ . කදිම දික්වූ බෙල්ලක් හා පොකුරු කෙස් හා රැවුල් ද ඇස් බැම ද ඇතිවේ. යහපත් අඟ පසඟ වේ. ගමන් කිරීමේදී ස්වල්පයක් නැමී යයි. කඩිසරයි. පිත් අධිකය
ගතිගුණ
කුජ හිමි සටන් කාමී උණ්ෂ රාශියක් වූ බැවින් මේෂයෙහි උපන් අය උසස් අදහස් ඇති ඉදිරියට යන තේජවන්ත ගතියකින් යුක්ත වෙයි .
වුවමනා දේ වුවමනා වෙලාවට වුවමනා කරන කෙනෙකි. කෙසේ හෝ ලබා ගනියි. තමාගේ පුද්ගලික ආශා සැප පහසුකම් අනුන් වෙනුවෙන් කැපකිරීමට සතුටු නොවේ. තමාට වුවමනා කරන දේ තමාට ඕනෑම වේ . කීර්ති ප‍්‍රශංසා ලැබීමට ඇති කැමැත්තත් පෙරමුණෙහි සිටීමට ඇති ආශාවත් ඉදිරියට යන ගතියත් නිසා ජය හා ප‍්‍රසිද්ධිය ලබයි.
ක‍්‍රියාවෙහි සූරයි. එසේම කඩිසරයි. පුරුෂයෙකු නම් තමාගේ භාර්්‍යාවට හෝ ස්ත‍්‍රියෙකු නම් තමාගේ ස්වාමියාට හෝ හැර වෙන කිසි කෙනෙකුට යටත් පහත් වීමට කැමති නැත . සහකාරියට සහකාරයාට ඉතා භක්තිවන්ත වෙයි. දිනන ලද ඉඳුරන් ඇති කෙලෙහිගුණ සලකන කෙනෙකු වෙයි. බඩගිනි ඉසිලිය නොහැක. නිතර ටික ටික කෑම ඕනෑ කරයි. නිතරම ආඩම්බර ගතියෙන් සිටියි. මේෂ ලග්නයෙහි උපන් අය වාද විවාද වලට වඩා යෝග්‍ය නැත. විවාදයේදී තමාට ජයගන්නට බැරි වූ සණ්ඩුවක් මතු කරගෙන එයින්වත් ජයගන්නට සිතයි . එහෙත් වහා අවබෝධ වන තීක්ෂණ නුවණක් තිබේ. සටනට නොපැකිලෙයි. කිසි භයක් නැත. සුළු සුළුදේවලට කැමති නැත. විශාල ව්‍යාපාර කටයුතුවලට යෝග්‍යයි. උසස් සිතිවිලි වේ. හදිසියේ කරුණු වෙනස් කරයි. එහෙත් යමක් ස්ථිරව කරගෙන යාමට සිතාගත්තොත් එසේම කරයි . ලෝකයේ ශ්‍රේෂ්ඨ වීරයෝ මේෂ ලග්නයේ ඉපදී සිටිත්. රාශි චක‍්‍රය පටන් ගන්නේ මේෂයෙන් බැවින් මෙය බලවත්ම රාශිය වෙයි. මකට කටක දෙකට මැදි බැවින් යුක්ති සහගත වේ. එහෙත් තුලාවේ තරම් නැත. දුර්වලකම් හැටියට පෙනෙන්නේ නොඉවසිලි ගතිය හා සමාදානයට එතරම් ගරු නොකරන ගතිය ද වේ . සුළු දේ කිරීමට කැමති නැත.
රෝග
උෂ්ණ දැවිලි රෝග , මොලේ අසනීප, බඬේ කැක්කුම්, හදිසි ක්ලාන්ත වීම්, නින්ද නොයාමේ රෝග, හිටි හැටියේ සිහි නැතිවීම, ලෙහෙසියෙන් සෑදෙන රෝගයෝ වෙති . මේෂයෙන් උපන් අයට පැළඳීමට යෝග්‍ය අඹ තේස්ත , දියමන්ති හා සුදු නිල් වේ . |