Previous Page  
    Welcome to  Meemessa.com
   

 

 

 
      වෘෂභ ලග්නය
 

 

            සාමාන්‍ය රූප ස්වභාව 

    
පළල් වූ නළලකින් යුත් මධ්‍යම ප‍්‍රමාණයට වඩා තරමක් ලොකු බෙරන්නා වූ ශරීරයකි . බෙල්ල මහත්වේ. රළු හිසකෙස් වේ. සෙම් අධික වේ

ගතිගුණ

සිකුරු හිමි වෘෂභයේ උපන් අය කෞතුක දේ වලට ආශා කරයි . ලෙහෙසියෙන් ජීවත් වීමට සිතයි. තිර රාශියේ ගතිය ඔප්පු කිරීමට මෙන් නොනැමෙන හිතක් ඇතිවේ . හිතේ තබාගෙන සිටීමට සමතෙකි. තරහා වීමත් හෙමින්ය. එසේ වුනොත් හොඳ වීමත් හෙමින්ය. අනුන්ට තේරුම් ගත නොහැකි ගුප්ත ගති තිබේ. ඉතා සුළු දේවල් පවා සිතේ තබාගෙන සිට වුවමනා වූ විට ඉදිරිපත් කර කතා කරයි. ස්ථිර ජය ලැබෙන තුරු සටන් කරගෙන යාමට සමර්ථයි . මිල මුදල් සම්බන්ධ හා තමාගේ ලෞකික දේවල් බොහෝ සුපරීක්ෂාකාරී වෙයි.

සිකුරා මෙන්ම වෛවාරන්න ඇඳුම් පැළඳුම් වලට වියදම් කිරීමට මැලි නොවේ. භූමියට හිත වේ. වැවීමට මල් වැවීමට හිතවේ. අන්‍යයින් උදෙසා වියදම් කිරීමට ටිකක් මැලි වෙයි. තරමක් ලෝභී වේ. මුදල් ගනු දෙනු වලදී ප‍්‍රවේසම් වෙයි . කඩිසර කමක් නැත. එහෙත් නොනවත්වා වැඩෙහි යෙදී කරගෙන යාමට සමර්ථ වේ. විරුද්ධකාරයා ඉදිරියේ දනින් වැටී නැමෙන්නෙක් නොවේ. ස්වභාවික දර්ශනයන්ට පි‍්‍රය වේ. නගරබද ජීවිතයට වඩා මල් ගොමු පළතුරු ගස්වැල් ආදියෙන් යුත් පිටිසරබද ජීවිතය යහපත් සේ සිතයි. කථාවට බොහොම හොඳයි . කරුණු ඇතුව කතා කරයි. තමාගේ අදහස් තදින් අල්ලාගෙනම සිටියි. අනුන්ගේ දැනමිතිකම් අනුව කටයුතු කිරීමට සතුටු නැත. තමා දන්නා කෙනෙක් සේ සිතයි. සිතුවිලි ලෞකික පැත්තට බරවේ. දුර්වලකම් හැටියට පෙනෙන්නේ තරමක ලෝභ කමත් සැප පහසුවට ඕනෑවට වඩා ආශාවන් ජයගැනීමට තිබෙන ආශාවත්ය . එනිසාම සතුරෝ ඇතිවෙති. නඩුමගට ද බසින්න අන්තිමේ සිදුවේ. 

 

රෝග

සියලූ සෙම් රෝග පහසුවෙන් සෑදේ. ඔලූවේ බෙල්ලේ හා පපුවේ රෝග , උගුරේ රෝග, පීණස, ඇදුම, සෙම් ගෙඩි ලෙහෙසියෙන් සෑදේ . කල්යාමේදී මලබද්ධය , ලේ වැඩිකම හෝ සෙම් වැඩිකම, වතුර වැඩිකම පිළිබඳ රෝග ලේ නහර පිපිරීම, පණ නැතිවීම ආදී රෝග සෑදේ . වෘෂභයෙන් උපන් අයට පච්ච ගල් පැළඳීම යහපති

 

 

 
 
   
                  
                  
                
Meemessa.com is largest & Fast growing
online archive of Sri Lankan music
All songs are in medium quality and
do NOT replace the CD quality of original albums
As stated above
one of our goals is to bring more sales revenue to
original album sellers and artist
None of the songs in Meemessa is downloadable
  Rupapettiya   Honey FM  
 
 
www.meemessa.com